Heat එක, එහෙමත් නැත්නම් මේ උෂ්ණත්වය කියන්නේ අපේ කුකුළ් ගොවිමහතුන්ට නිතර දෙවේලේ වද දෙන ලොකු ප්‍රශ්නයක්නේ.. ඉතින් අද අපි කතා කරන්න යන්නේ, මේ Heat එක හරියට පාලනය කරගත්තේ නැත්තම් මොකද වෙන්නේ සහ ඒවා වලක්වා ගන්නේ කොහොමද කියලා. ![]()
ඊට කලින් අපේ Facebook පිටුව Follow කරලා නැත්තම් දැන්ම Follow කරලා ඉන්නකෝ..
ආ හරි.. දැන් යමු වැඩේට… ![]()
Heat එක හරියට තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ??
ඔයාගේ සත්තු කට ඇරගෙන හති දානවා (Panting) නේද?.. එතකොට වෙන්නේ සත්තු වතුර වැඩියෙන් බොනවා විතරක් නෙමෙයි, එන බරත් වේගයෙන් අඩු වෙන එක. මේක දෛනික බරෙන් 50% ක් විතර වෙන්න පුළුවන් ඈ.. ඒ කියන්නේ බර බාගෙට බාගයක්ම බහිනවා.. සෙල්ලම් නෑ නේද පාඩුව? ![]()
ඊළඟට මේක මෙහෙම දිගටම තිබිලා ඔයාලගේ සත්තු එකපාරටම “හොක් ගාලා” යන්න උනත් පුළුවන්…
එකෙක් දෙන්නෙක් නෙමෙයි, දවසකට සත්තු 50, 100 හෝ ඊට වැඩියෙන් මැරිලා වැටෙන අවස්ථාත් අපි ඕන තරම් දැකලා තියෙනවා…
එතකොට මොකද මේකට කරන්න පුළුවන්?? ![]()
ඒක තීරණය වෙන්නේ මූලිකවම ඔයා ඉන්න ප්‍රදේශය මත.
ඔයා ඉන්න ප්‍රදේශයේ රස්නෙ ගොඩක් වැඩි නම් කූඩුවේ උස නියමිත ප්‍රමාණයට තියෙන්නම ඕනේ.. ඔයා ඉන්න පළාතට හරියටම ගැලපෙන කූඩුවේ විස්තර දැනගන්න ඕනේ නම් 0117133607 නම්බර් එකට දැන්ම Whatsapp කරන්න… ![]()
ඊළඟට සත්තුන්ට නියමිත ඉඩ දෙන්න ඕනේ… ඔයා සත්තුන්ට දෙන හරි ඉඩ ප්‍රමාණය ගැන දන්නවා ද? ඔයා සාමාන්‍යයෙන් එක සතෙක්ට කොච්චර ඉඩ දෙනවා ද කියලත් පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ… ![]()
සතුන්ට පිරිසිදු සිසිල් ජලය ඇති වෙන්න ලබා දෙන්න ඕනේ.. ඒ වගේම සතුන් ගණනට හරියන්න තියන්න ඕනේ ජල බඳුන් ප්‍රමාණයක් තියෙනවා, ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. ![]()
මීට අමතර ව ඔයාලට කූඩුව සිසිල් කරගන්න විවිධ දේවල් කරන්න පුළුවන් DIY විදිහට.. ඒවා ගැන දැන ගන්න ඕනේ නම් අපිට පණිවිඩයක් දාන්න අමතක කරන්න එපා හොඳේ.. ![]()
ඔයාගේ සත්තුත් මේ වෙලාවේ කට ඇරගෙන හති දානවා නම් මේ කියපු දේවල් ටික ආයේ මතක් කරලා බලන්න අනිවාර්යෙන්.. නැත්තම් අන්තිමට ඔයාට ලොකු පාඩුවක් වෙයි..
මේ ලිපිය තවත් කෙනෙක්ට බලන්න Share කරන්න! ![]()
සත්තු හරි විදිහට හදන්න මිල්මොලැක් අපිට කතා කරන්න
0117109607 (Hotline)
0117133607 (Whatsapp)
#broilersrilanka #milmolac #broilerchickenfarming #kukulpalanaya #poultryfarming