Milmolac Silage Enhancer

ලංකාවෙ ප්‍රථම සහ එකම සයිලේජ් එන්හෑන්සර් ඉනොකියුලන්ට් එක

Milmolac Silage Enhancer මඟින් උසස් තත්ත්වයේ සයිලේජ් (Silage) නිෂ්පාදනය කිරීම වඩාත් පහසු වන අතර, සයිලේජ් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ ස්ථාවරතාව (Quality & Stability) වැඩිදියුණු කරයි.

ප්‍රධාන ක්‍රියාකාරීත්වය සහ ප්‍රතිලාභ
වේගවත් ආම්ලිකරණය සහ ආරක්ෂාව (Rapid Acidification & Protection)

Homofermentative බැක්ටීරියා ක්‍රියාකාරීත්වය මඟින් සයිලේජ් තුළ pH අගය ඉක්මනින් 4.0 – 4.5 දක්වා අඩු කරයි. එමඟින් Clostridium වැනි හානිකර බැක්ටීරියා වර්ධනය අවම කර, සයිලේජ් ආරක්ෂා කිරීමට උපකාරී වේ.

පෝෂණ ගුණය සුරැකීම (Nutrient Preservation)

පැසවීමේදී සිදුවන වියළි ද්‍රව්‍ය හා පෝෂණ අලාභ (Dry Matter Loss) අවම කරමින් සයිලේජ්වල පෝෂණ අගය ආරක්ෂා කරයි.

ඉහළ රුචිය සහ ජීර්ණය (Palatability & Digestibility)

සයිලේජ්වල රුචිය (Palatability) වැඩි කරන අතර සතුන් වැඩි කැමැත්තෙන් ආහාරයට ගැනීමට උපකාරී වේ. එමඟින් සතුන්ගේ පෝෂණ ලබාගැනීම වැඩිදියුණු කරයි.

වාතයට නිරාවරණයෙන් පසු ස්ථාවරතාව (Aerobic Stability)

Heterofermentative බැක්ටීරියා මඟින් වාතයට නිරාවරණය වූ පසුවද සයිලේජ් නරක් වීම ප්‍රමාද කරමින් Aerobic Stability වැඩි කරයි.

Milmolac Silage Enhancer තෝරාගන්නේ ඇයි?
  • සයිලේජ් නිෂ්පාදනය වේගවත් හා වඩාත් පහසු කරයි.
  • සයිලේජ්වල ගුණාත්මකභාවය සහ වටිනාකම වැඩි කරයි.
  • සයිලේජ්වල පෝෂණ අගය ආරක්ෂා කරයි.
  • වාතයට නිරාවරණයෙන් පසු ස්ථාවරතාව (Aerobic Stability) වැඩි කරයි
  • උසස් ගුණයේ සයිලේජ් නිෂ්පාදනය සඳහා විශ්වාසදායක විසඳුමකි.

රු1,585.00

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop